Saturday, April 28, 2018

තරුණ විධායක නිළධාරියා සහ අළුත් වාහනය


තරුණ විධායක නිළධාරියා  අළුතින් වාහනයක් මිළට ගත්තා

මීට කලින් ඔහු පැදෙව්වේ සැහැල්ලු මෝටර් කාර් එකක්. මේක නම් ඊට වඩා බරසාරයි. දිග පළලත් වැඩියි. ඒ මදිවට එය පදවන්න බර වාහන රියැදුරු බලපත්‍රයත් ඕනෑ. මොහුට තියෙන්නේ සැහැල්ලු වාහන බලපත්‍රයක්. ඒ වුනත් මේ වගේ සැප වාහනයක් එලවන එකත් හීනයක්නේ. ඒ හින්දා දෙපාරක් හිතන්නේ නැතුව වාහනය මිළ දී ගත්තා.

එදා එම ආයතනයේ විධායක නිළධාරීන් කීප දෙනෙකුම මොහු අළුත් වාහනය මිළ දී ගැනීම නිමිත්තෙන් මත්පැන් සාදයක් ඉල්ලුවා.ඒ නිසා ඒ හැමෝම කතා වුනා දෙහිවල ප්‍රදේශයේ පිහිටි අවන්හලක ඒ සාදය පවත්වන්නට.
ඒ නිසා අපේ කතා නායකයාත් බොහොම ප්‍රීතියෙන් අළුත් වාහනයෙන්ම එතැනට යන්න පිටත් වුනා.

පාර දිගටම අධික වාහන තදබදයක්. කොහොම හරි එතැනට යන්නත් එපායැ.

අපේ යාලුවාත් එහෙන් මෙහෙන් වෙට්ටු දාලා විගහට යන්න බැලුවා.
කොළඹ කොටුවේ වාහන තදබද වෙලාවට අශ්වාරෝහක පොලිස් නිළධාරීන් ඉන්නවා. ඔවුනුත් වාහන තදබදය අඩු කරන්නට සෑහෙන සහායක් ලබා දෙනවා. ඒ වෙලාවේ වාහනයක් පදවන්නත් සෑහෙන සටනක් දෙන්න ඕනෑ.

කහ ඉරකදී මගීන්ට පාර මාරුවෙන්න අශ්වාරෝහක පොලිස් නිළධාරියා වාහන නවත්වන්නට කියා සංඥාවක් දුන්නා. මගීන් පාර මාරුවෙන්න කලින් අපේ යාලුවාත් අණ නොතකා වාහනය ඉස්සරහට ගත්තා.

අශ්වයා කලබල උනා. අශ්වයා මිත්‍රයාගේ වාහනයේ බඳේ හැප්පුනා.
මිත්‍රයා පැති කණ්නාඩියෙන් බැලුවා. අශ්වයාට අනතුරක් නැහැ. ඒ උනත් අනතුරක්නේ. බර වාහන බලපත්‍රයත් නැහැනේ. ඒ නිසා දන්න සෙල්ලම් ඔක්කොම දමලා වාහන අස්සෙන් රිංග රිංගා අවසානයේ සාදය පැවැත්වෙන තැනට ආවා.

වාහනයත් ලේසියට ඇහැ ගැහෙන්නේ නැති තැනක නවත්වලා යාලුවන් හිටි මේසයේ ඉඳගත්තා විතරයි.
අර පොලිස් නිළධාරියා එතෙන්ට කඩා පැනලා මොහුගේ බෙල්ලෙන්ම අල්ලා ගත්තා.

යාලුවාටත් අදහාගන්නට බැහැ. මේ තරම් ඉක්මනින් තමාව පොලීසියෙන් කොටු කර ගැනීම ගැන. අවසානයේදී පොලිස් නිළධාරියාම ඒ ගැන පැහැදිළි කරා.

අශ්වයාගේ ඇඟේ හැප්පෙනකොටම පොලිස් නිළධාරියා ඇදවැටී තියෙන්නේ කැබ් රථයේ පසු පස ඇති විවෘත කොටසට. ඔහුත් මොහු සමගින්ම ගමනාන්තයට ඇවිත්.

කියවන අයගේ සුභ සිද්ධිය තකා එතැනදී ඇති වූ දෙබස් නම් කප්පාදු කරා.

3 comments:

  1. මේ කතාවෙ වැ‍රැද්දක් කියනව නෙමේ, ඒත් මං කැමතිම බදුලු කෝච්චියෙ දෙවන කොටසට. ඒක දැන් පරණ පෝස්ට් එකක් නිසයි මෙතන ලියන්නෙ.

    කොහොමත් ඔය පරණ ගම්මැදි කතාවල අමුතුම සුන්දරත්වයක් තියනවා. ඒකට බදුලු කොච්චියත් දැම්මාම තවත් රසවත්.

    කතාවෙ ප්‍රවේශය, පරිසරය වැනීම පංකාදුයි.ලංකාවෙ සුන්දරත්වය ගැන මම බලපු හැම වීඩියෝ එකකම, නොවැරදීම තිබ්බ දෙයක් තමයි, ආරක්කු නමයේ පාලමෙන් කොච්චිය එන හැටි. බොහෝ කාලෙකට ඉස්සර කියවපු කතාවක් මතක් වුනා. එකෙ තිබ්බෙ කන්ද උඩරට ගමක්. ගමේ තියෙන කන්දක , ගල්තලාවකට ගියාම තේ වතු මැද්දෙන් , කෝච්චිය හූ කියාගෙන යනවා පේනවා. නෑන ආසයි ඔය ගල් තලාව උඩට ගිහින් කොච්චිය යනහැටි බලන්න. . මස්සිනත් යනවා, උන්දැ යන්නෙ කොච්චිය කෙසේ වෙතත්, නෑනව බලන්න. ඔන්න ඕය වෙලාවෙ තමා. මඳ සුලග නෑනගෙ ගවුම අරං යන්න හදන්නෙ. මට හරියටම මතම්ක නෑ , මස්සිනා කිව්වෙ" මේ දෑස් මක්කටෙයි" කියලද " කිරි ගරුඬ වගේ" කියලද කියලා. කොහොම වෙතත් සෘංගාරත් රහමෙර වගේ. පමණ දැණ මඳ පමනින් මුසුකල විට කතාව තවත් සුන්දරවේ.

    ස්තූතියි. ආයෙ ඒවගෙ කතා ලියන්න.එඤ්ඤං

    ReplyDelete
  2. පාර පෙන්නුවෙ අටමා.....මරු සීන් එක කොල්ලො

    ReplyDelete