මම පාසැල් ගියේ අගනුවරටයි.
ගෙදර ඉඳන් ගම්පහ නගරයට බස් රථයකින් ඇවිල්ලාගම්පහ ඉඳන් මරදානට දුම් රියෙන් ගිහින් මරදානෙ ඉඳන් පාසැලට පා ගමනින් යනවා.
ගම්පහින් උදේ 06.04 ට පිටත්වෙන
දුම් රියේ පාසැල් මැදිරියක් තිබුනා.
ඒක දැන් තියෙන පාසැල් බස් රථ වල වගේ සද්ද බද්ද නැහැ.
හැමෝම තමන්ගෙ පාඩුවෙ යනවා.
ඒ සංවර කම හින්ද එහෙම නෙවෙයි. පාසැල් වල ගුරුවරුත් ඒ මැදිරියෙම යන හින්දා.
දුම් රියේ පාසැල් මැදිරියක් තිබුනා.
ඒක දැන් තියෙන පාසැල් බස් රථ වල වගේ සද්ද බද්ද නැහැ.
හැමෝම තමන්ගෙ පාඩුවෙ යනවා.
ඒ සංවර කම හින්ද එහෙම නෙවෙයි. පාසැල් වල ගුරුවරුත් ඒ මැදිරියෙම යන හින්දා.
නන්දනී ටීචර් කියන්නේ අපේ අර්ජුන රණතුංග ඇමති තුමාගෙ අම්මා.ඒ පවුලෙ හැමෝම වගේ ක්රිකට් ක්රීඩා කරපු නිසා ඒ ආම්පන්න දමාපු බෑග් රාශියක් අරගෙනයි උදේට දුම් රිය පොලට එන්නේ. ක්රීඩා භාරව හිටපු සමරකෝන් සර්, ආනන්ද බාලිකාවෙ උගන්නපු කටුවාවල ටීචර්ව එහෙම නම් නමින් මතකයි.
අපේ ගෙදරින් කවුරු හරි මාත් එක්කම ඇවිල්ලා මාව ඒ ගුරුතුමියකට භාර දෙනවා. ඔය කෝච්චියෙන් මරදානට එනකල්ම ගුරුවරුන්ගේ අඩස්සියේ තමයි එන්නේ. ඒ හින්දා ඒකෙ එන ඔක්කොම ළමයි සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ.
මේ කියන්න යන සිදුවීම උන දවසේ අපේ පාරෙ ගංවතුර.
ඒ දවස් වලට බස් ධාවනයක් නැහැ. ඉතින් වැඩට යන අය, පාසැල් ළමයි එහෙම පෙරහැර වගෙ පයින් යනවා. අපිටත් ඉතින් ඒ දවස් වලට පාසැලට යන්නම ඕනේ. ගෙදර නවතින්නෙම නෑ. ගංවතුරෙ පයින් යන එකත් අපූරු අත් දැකීමක්නෙ.
ඒ දවස් වලට බස් ධාවනයක් නැහැ. ඉතින් වැඩට යන අය, පාසැල් ළමයි එහෙම පෙරහැර වගෙ පයින් යනවා. අපිටත් ඉතින් ඒ දවස් වලට පාසැලට යන්නම ඕනේ. ගෙදර නවතින්නෙම නෑ. ගංවතුරෙ පයින් යන එකත් අපූරු අත් දැකීමක්නෙ.
එදා මාව දුම් රියට ඇරලවන්න බාර දුන්නේ අපේ මාමා කෙනෙකුට. අම්මා තරම් නීති දාන්නෙත් නැහැනෙ. හිතේ හැටියට ගංවතුර ප්රීතිය භුක්ති විඳිමින් ගම්පහ දුම් රිය පොළට ආවා. වේදිකාවේ කළින් යන දුම් රියත් නවත්තලා තියෙනවා. ඒත් පිටත් වෙන්නේ නැහැ. විපරම් කරලා බලනකොට බටුවත්ත දුම් රිය පොලේ දුම් රිය දෙකක් හැප්පිලා. බරපතල අනතුරක්ලු.
අර මාමාත් වඩ කරන්නේ කොළඹ කාර්යාලයක. ඉතින් අපි බස් එකේ පිටකොටුවට ආවා. ඒ මාමා මාව පන්ති කාමරයටම ඇරලෙව්වා.
එදා දවසේ මාතෘකාව දුම් රිය අනතුර ගැනයි. ඒ අනතුර දැකපු අය ඒ ගැන පණ පිහිටුවලා කියනකොට ඒක බලන්න කාටද ආස හිතෙන්නෙ නැත්තේ.
පාසැලත් ඇරුනා. දුම් රියේ යන යාළුවො කට්ටියම වෙනදා වගේම මරදාන දුම්රිය පොලට ආවා. 1.55 දුම් රියත් වෙලාවටම ආවා. නිවේදනය ඇහුනහමයි හැමෝටම තරු පෙණුනේ.
දුම් රිය ධාවනය වෙන්නේ රාගමට විතරයි. පිටකොටුවට ගිහින් ගම්පහට බස් එකේ එන්න සල්ලිත් නැහැ. ඒ ගමන හැමෝ එක්කම කතා උනා රාගම ඉඳන් දුම් රිය පාර දිගේ පයින් ඇවිල්ලා බටුවත්තේ අනතුරත් බලලා දුම් රිය පාර දිගේ පයින්ම එමු කියලා.
දුම් රිය ධාවනය වෙන්නේ රාගමට විතරයි. පිටකොටුවට ගිහින් ගම්පහට බස් එකේ එන්න සල්ලිත් නැහැ. ඒ ගමන හැමෝ එක්කම කතා උනා රාගම ඉඳන් දුම් රිය පාර දිගේ පයින් ඇවිල්ලා බටුවත්තේ අනතුරත් බලලා දුම් රිය පාර දිගේ පයින්ම එමු කියලා.
රාගමින් බැස්සා. කිසි පාළුවකුත් නෑ. කට්ටියක්ම ඉන්නවා. ලොකු කට්ටියත් ඉන්නවනෙ. ඔක්කොම රේල් පාර දිගේ පයින් එනවා. වල්පොලදි කට්ටියක් නැවතුනා. ඊළඟට බටුවත්ත. ඒ හරිය
ඊ ගහ වගේ කෙළින් පාර. ඈතින් අනතුරට පත් උන දුම් රිය පේනවා.
ඊ ගහ වගේ කෙළින් පාර. ඈතින් අනතුරට පත් උන දුම් රිය පේනවා.
කොහොමින් හරි බටුවත්තටත් ආවා.
අනතුර අති භයානකයි. මැදිරි එක උඩ එක නැගලා. මැදිරි ඔසවන්න ආව කළු පාට දොඹකරයක් තියෙන දුම් රිය ඇවිල්ලා මැදිරි පීලිගත කරන්න සූදානම. ඊට ටික වෙලාවකට කලින්ලු සුන් බුන් අතරෙ හිරවෙලා හිටපු කෙනෙක්ව එළියට ගත්තේ.
අනතුර අති භයානකයි. මැදිරි එක උඩ එක නැගලා. මැදිරි ඔසවන්න ආව කළු පාට දොඹකරයක් තියෙන දුම් රිය ඇවිල්ලා මැදිරි පීලිගත කරන්න සූදානම. ඊට ටික වෙලාවකට කලින්ලු සුන් බුන් අතරෙ හිරවෙලා හිටපු කෙනෙක්ව එළියට ගත්තේ.
එතැන පැය බාගයක් විතර ගත කරලා පිටත් වෙනකොට රේල් පාර දිගේ පයින් ආව අය ගොඩක් ඈතින් යනවා පේනවා. ගානක් නෑ අපේ හතර දෙනෙක් ඉන්නවනෙ.
බුළුගහගොඩින් එක්කෙනෙක් නතර උනා. ගනේමුල්ලෙදි ඉතුරු දෙන්නත් නතර උනා. මම තනි උනා. ගම්පහට යන්න තව කිලෝ මීටර් හයක්වත් ඇති. තනියෙන් යන්නත් බයයි. ඒ දවස් වල කරවල වාඩි වලට ළමයින් පැහැරගෙන යනවා කියල කතාවකුත් තිබුණා. ඒ හින්දා කවුරු හරි එයිද කියලා බලා ගෙන ඉන්නකොට බබෙක් හම්බවෙන්න ඉන්න තරුණ ගෑනු කෙකෙකුයි, ඒ වයසෙම තව ගෑණු කෙනෙකුයි රේල් පාරට ගොඩ උනා.
කොහොමින් හරි මමත් ඒ අයටම හේත්තු වෙලා පයින්ම එන්න පටන් ගත්තා.
යාගොඩ ස්ටේෂන් එක පහුවෙලා ටිකක් දුර එනකොට ධාරානිපාත වැස්සක් කඩන් පාත් වුණා. අර දෙන්නට නම් එක කුඩ පොඩ්ඩක් තිබුණා. ඒත් වෙල් යායක් මැදින් වැටුනු රේල්පාරක පයින් එනකොට තියෙන හුළඟට කුඩ ඔරොත්තු දෙනවයැ. ඒ මදිවට ඒකෙ නණ අනික් පැත්ත හැරෙනවා.
ඔය අස්සෙන් අකුණුත් ගහනවා. විදිලි එළි කණ ළඟින් යනවා වගෙයි. කුඩ වලට අකුණු එන නිසා ඒ කුඩේ අකුලා ගත්තා.
ඔය අස්සෙන් අකුණුත් ගහනවා. විදිලි එළි කණ ළඟින් යනවා වගෙයි. කුඩ වලට අකුණු එන නිසා ඒ කුඩේ අකුලා ගත්තා.
ඒ දෙන්නා රාගම ඉස්පිරිතාලෙ ඉඳලා එන දෙන්නෙක්. ඒ හින්දා ඒ අය අතේ පුළුන් කොට්ටයක් තිබුණා. ඒක මට දුන්නා ඔළුවට තියා ගන්න. ඒ දෙන්නා චීත්ත රෙද්දක් ඔළුවට දා ගත්තා.
ගම්පහ නගරයට කිට්ටු වෙනකොට තියෙනවා යකඩ පාලමක්. ඒ පාලමෙන් එගොඩට යන්න තුන් දෙනාටම බයයි. යටින් යන්නේ ඌරුවල් ඔය. පලාතම ගංවතුරෙන් යට වෙලා ඔයේ හැඩ පාර දිහා බලන්නත් බයයි. ඒ මදිවට සිල්පර කොට වලට යටින් හැඩ පාර පේනවා. පයින් යන්න පුළුවන් වෙන්න යකඩ පටි තීරු තියෙනවා උනාට අකුණු ගහනවනෙ.
හිතේ බයට ඉතිපිසෝ ගාථාව මතුරන්න ගත්තට ඒක කියැවෙන්නෙත් නෑ. හීතලට ගැහෙනවා.දත් ඇන්දත් කට කට ගානවා.වෙන කරන්න දේකුත් නැහැනෙ. මරු විකල්ලෙන් වගේ පාලමෙන් පැන ගත්තා.
විනාඩි දෙක තුනක් යනකොට වැස්ස අඩු උනා. ඒ වෙනකොට කලුවරත් වැටීගෙන ඇවිල්ලා. අනේ ඒ දෙන්නා මාව අපේ බාප්පාගේ කඩේටම ඇරලෙව්වා. මම ඒ ගොල්ලන්ගෙ පිහිටෙන් ගම්පහට ආවට ඒ ගොල්ලො කිව්වේ මගෙ පිහිටෙන් ඒ ගොල්ලො බය නැතුව අවා කියලා.
ඔක්කොටම කළින් බාප්පා අපිට කෑම බීම සපයල දුන්නා. දවල්ට කන්නත් නැතුව හැතැප්ම දහයක් විතර පයින් ඇවිල්ලා, ඒ මදිවට ධාරානිපාත වැස්සකටත් තෙමිලනේ.
ඒ වෙනකොටම අපේ අම්මත් එතැනට ආවා අපේ පුංචි අම්මා කෙනෙක් එක්ක. එදා දුම් රිය අනතුර ගැන ගෙදරින් දැනගෙන තියෙන්නෙත් දවල් වෙලා.
ඒ කාලෙ අද වගේ දුරකථන පහසුකම් එහෙමත් නැහැනෙ.
ඒ කාලෙ අද වගේ දුරකථන පහසුකම් එහෙමත් නැහැනෙ.
ඉතින් මම කොහොම හරි පාසැල් බස් එකේවත් ආපහු එයි කියලා මාව එක්ක යන්න ගම්පහට ඇවිල්ලා. ඒකෙ ආවෙ නැති හින්දා ආයෙ ගෙදර ගිහිල්ලා. කොහොම හරි එදා දවසට අම්මා ගංවතුරේ ගමන් වාර හයක් ඉහළ පහළ ගිහිල්ලා.
මම නැති හින්දා තාත්තා බය වුනු පාර නොකඩවා බඩ බුරුල් වෙලා.
අන්තිමේදී අර ගංවතුරෙම ගෙදරට එන්න පිටත් උනා කියමුකො. මම ඉතින් කණ හදාගෙන ඉන්නවා ඇති තරම් බැණුම් අහන්න. අනේ මොන බැණිල්ලක්ද ?
අන්තිමේදී අර ගංවතුරෙම ගෙදරට එන්න පිටත් උනා කියමුකො. මම ඉතින් කණ හදාගෙන ඉන්නවා ඇති තරම් බැණුම් අහන්න. අනේ මොන බැණිල්ලක්ද ?
ඒ දෙන්නා මට ඇහෙන්න කතා වෙන්නෙ ගං වතුරට ගෙවල් වල වැසිකිළි වලවල් හේදිලා එන එකයි, දියමිටියො කාපුවාම ඇඟිළි වණ වෙලා හැදන තුවාල වලට නටන කොහොඹ තෙල් වක් කරන එකයි, පිළිකනු වල තියෙන කුණු කන්දල් ගහ ගෙන එන එකයි වගේ වස අප්පිරියා හිතෙන කතා.
ඔය කිව්වට මං නෙ දන්නෙ අපේ අම්මගෙ හැටි. දැන් ඕව කිය කිය ගියාට ගෙදර ගියාමනෙ ඉතුරු ටික.
ඒකට තව සහායට කට්ටියත් ඉන්නවනෙ.
ඒකට තව සහායට කට්ටියත් ඉන්නවනෙ.
ඒ හින්දා ඉතින් ගම පෙනි පෙනී මම බඩේ කැක්කුමකුත් එක්කම්ස් ඔළුවෙ කැක්කුමකුත් හදා ගත්තා. ගෙදරට ගිය සැනින්ම ඔළුවෙ ඉඳන් රෙද්දක් පොරවගෙන නිදා ගත්තා. එතකොට මොනව කිව්වත් මට ඇහෙන්නෙ නැහැනෙ.
ඔය සිද්ධිය උනේ 1974 හෝ 1975 වෙන්න ඕනැ. හැබැයි එදා ඉඳන් මම වැරදිලාවත් ගංවතුර පාගන්න යන්නෙ නැහැ. අර වැසිකිළි වලවල් හේදෙන හැටි මතක් වෙනවා.
අපේ අම්මාටත් දැන් වයස අවුරුදු 88 ක්.
ලෙඩ ඇඳේ තමයි ඉන්නේ. ඒ උනාට එයාට එයා තවම පොඩි ලමයෙක් කියලා හිතෙනවා ඇත්තේ ඒ අසනීපෙ හැටි හින්දා වෙන්න ඇති.
ලෙඩ ඇඳේ තමයි ඉන්නේ. ඒ උනාට එයාට එයා තවම පොඩි ලමයෙක් කියලා හිතෙනවා ඇත්තේ ඒ අසනීපෙ හැටි හින්දා වෙන්න ඇති.
දැන් අම්මා මට කතා කරන්නේ "තාත්තේ" කියලා. මමත් ඉතින් චූටි බබෙක්ව බලා ගන්නවා වගේ අම්මාව බලා ගන්නවා.
මට බය තියෙන්නෙ කොයි වෙලාවක හරි "අනේ තාත්තේ. මාව වඩාගෙන ගිහිල්ලා මට ගංවතුර පෙන්නන්නකෝ" කියලා කියයිද කියලා.
ඒත් එතකොට මට කියන්න පුළුවනෑ
"ඔයා ඒ කාලෙ මට ගංවතුර එපා කෙරෙව්වා" කියලා.
"ඔයා ඒ කාලෙ මට ගංවතුර එපා කෙරෙව්වා" කියලා.
මොකෑ මේ ටෙස් ටෙස්...
ReplyDeleteතාම පුරුදුවෙනවා
Deleteඔබ ආනන්දෙට ගිය බව තේරුම් ගන්න පුළුවන්. මම ඊට හූවක දුරින් තියෙන එකේ හිටියා. ඔය දුම්රිය අනතුර දවසේ අපි ප්ලෑන් එකක් ගැහුවා මෙහෙම. ඒ පැත්තේ ඉඳලා එන අයගේ දුම්රිය සීසන් අරගෙන පන්ති කට් කරලා ගිහින් ඒක බලල එන්න. ඒක කට්ටියක් ගිහින් ආවේ පරක්කු වෙලා නිසා අපිට යන්න බැරි වුණා.රසවත් ජීවිත අත්දැකීම් බෙදා හදා ගැනීම ගැන ස්තුතියි.😀 ඔබේ මාමා වගේ මගේ අම්මා අරන් දුන්නේ සෙල්ලම් බඩු වෙනුවට පොත්.අදටත් නිදා ගන්න ගියාම පොතක් පිටු හතරක් පහක් කියෙව්වේ නැත්නම් නින්ද යන්නේ නෑ.
ReplyDelete//අපේ අම්මාටත් දැන් වයස අවුරුදු 88 ක්.
ReplyDeleteලෙඩ ඇඳේ තමයි ඉන්නේ. ඒ උනාට එයාට එයා තවම පොඩි ලමයෙක් කියලා හිතෙනවා ඇත්තේ ඒ අසනීපෙ හැටි හින්දා වෙන්න ඇති.
දැන් අම්මා මට කතා කරන්නේ "තාත්තේ" කියලා. මමත් ඉතින් චූටි බබෙක්ව බලා ගන්නවා වගේ අම්මාව බලා ගන්නවා.//
ලියලා තිබ්බ ඔක්කගෙන්ම දැනෙන ටික..... ඇහැට කඳුළුත් ආවා...
මමත් ගම්පහ ඉඳන් අගනුවරට ඉස්කොලෙ ගිහින් ආපහු පාසැල් බස් එකෙ එනකල් අම්මා බලාගෙන ඉන්නවා.... දැනුත් මම වැඩට ගිහින් ගෙදර එනකල් එයා ඇහිරිලා බලං ඉන්නවා....